AND සහ OR

SQL ඉගෙනගන්න කලින් මොකක් හරි programming language එකක් ඔයාලා දැනගෙන ඉන්නවා කියලා මම හිතනවා. එහෙම නැත්තම් මුලින් programming language එකක basic ඉගෙනගෙන ඉන්න. එහෙම Programming ගැන පොඩි හරි දෙයක් දන්න කෙනෙක් නම් AND සහ OR ගැන දන්නවා. අද අපි කරන්න යන්නේ මේ AND සහ OR අපේ SQL query එකට යොදාගන්න එක.

Example එක වඩා පැහැදිලි වෙන්න මම තව rows දෙකක් add කළා table එකට

INSERT INTO `blog`.`users` (`ID`, `Name`, `Age`, `Address`) VALUES ('E8', 'Kumudika', '23', 'Galle'), ('E9', 'Lasitha', '24', 'Galle');

දැන් අපේ table එක තියෙන්නේ මෙහෙමයි 


Senario 1

මේ senario එකේ විදියට මට ඕනේ වෙලා තියනවා age එක 23 වෙන "හෝ " Address එක Galle වෙන usersලා කව්ද කියලා බලන්න. මේ සදහා ඕනේ වෙන්නේ OR keyword එක. Query එක එන්නේ පහල තියන විදියට.

SELECT * FROM USERS WHERE Age=23 OR ADDRESS="Galle";


මෙතැනදී අපි දාපු condition දෙකෙන් අඩුම ගන්නේ එකක් හරි true වෙන rows ඔක්කොම අපි retrieve කරගෙන තියනවා හරියට OR gate එකක වගේ.

Scenario 2

Scenario 2 එකේදී මට ඕනේ age එක 23 වෙන "සහ " Address එක Galle වෙන usersලා කව්ද කියලා බලන්න. ඒ කියන්නේ අපේ condition දෙකම true වෙන rows විතරයි මෙතැනදී retrieve වෙන්නේ AND gate එකකදී වගේ.

SELECT * FROM USERS WHERE Age=23 AND ADDRESS="Galle";