$5කට පරිගණකයක්: Raspberry Pi Zero


ඇමරිකානු ඩොලර් 5කට පරිගණකයක් මිලදීගන්න පුලුවන් කිවොත් විශ්වාස කරනවද? ටිකක් අමාරුයි නේද? නමුත් ඊයේ (27) නමින් Pi Zero වන මේ කුඩා පරිගණකය Raspberry සමාගම විසින් වෙළද පොළට නිකුත් කලා.මේ සමාගම මීට කලිනුත් මේ වගේ Single board computer එකක් release කලා 2012දී Raspberry Pi නමින්. ඒකේ මිල සදහන් උනේ $25ක් විදියට.සමාගමක් කිව්වට මේක ඇත්තටම Raspberry Pi Foundation කියල පදනමක්.
"දියුණු රටක ඉන්න කෙනෙක්ට උනත් Program කරන්න පුලුවන් Computer එකක් ගන්න එක අමාරු දෙයක්. අපි අතිරේකව ගෙවන්න කියන හැම අමතර ඩොලරයම , යමෙක් මේ ක්ෂේත්‍රයට එන ප්‍රවණතාව අඩුකරනවා ". Raspberry Pi Foundation එකේ අරමුණ විස්තර කරමින් එහි නිර්මාතෘ ඊබන් අප්ටන්(Eben Upton) Blog සටහනක් යොදමින් පවසා තිබුනා.
මේ කුඩා පරිගණකය Linux OS මගින් බලගැන්වෙනවා වගේම මුල් පරිගණකයට වාඩා 40වාරයක් වේගවත් වෙනවා. මෙහි ඇතුලත් වෙන Linux Version එක Raspbian ලෙස හදුන්වනවා. ඊට අමතරව 512MB ක RAM ධාරිතාවක්ද Mini HDMI port එකක් සහ Micro USB port දෙකකින්ද සමන්විත වෙනවා.



මේ Blog එකේ පලවන ලිපි ප්‍රයෝජනවත් කියලා හිතෙනවානම් Share කරලා පොඩි උදව්වක් දෙන්න..සුභ දවසක්!!!




Previous
Next Post »