Xiaomi Redmi Note 3: අඩු මුදලට සුපිරි ජංගම දුරකථනයක්



දානවා දානව කිව්වට පහුගිය දවස්වල පොඩ්ඩක් කාර්යබහුල උන නිසා මුකුත් ලිපියක් දාන්න බැරි උනා. ඔන්න මගේ බ්ලොග් එකේ විෂය සම්බන්ධ මුල්ම ලිපිය පලකරන්න යන්නේ. අද මම කතා කරන්න යන්නේ Xiaomi සමගම නිකුත්කල අලුත්ම phone එක ගැන. ලංකාවේ අපිට මේ brand එක ටිකක් විතර අලුත් නමුත් Xiaomi තමා ලෝකේ 4 වෙනියට විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා.
සමාගම මුලින්ම smart phone එකක් release කලේ 2011 අවුරුද්දේ අගෝස්තු මාසයේ. ඉතා කෙටි කාලයකදී මෙච්චර ලොකු දියුණුවක් ලබන්න හේතුව Xiaomi සමාගම සාධාරණ මුදලකට ඉතා ඉහල පහසුකම් පාරිභෝගිකයට ලබාදීමයි කියලයි මට හිතෙන්නේ. දැන් අපි Xiaomi Redmi Note 3 smart phone එක ගැන කතා කරමු.

Note 2 model එකේ අනුප්‍රාප්තිකයා විදියට තමා ලගදීම Note 3 model එක release  වෙන්නේ. මේ smart phone එක ඇමරිකන් ඩොලර් 141 පමණ වෙයි කියලා තමයි අන්තර්ජාලයේ අදහස් පලවෙලා තිබුනේ. ඇමරිකන් ඩොලර් 141 කට full metal body එකක් සහ අගල් 5.5 ක 1080p resolution එකක් තියන display එකකුත් පාරිභෝගිකයට ලැබෙනවා. Helio X10 processor එකකින් තමා phone එකේ සැකසුම් කටයුතු සිද්ද වෙන්නේ. ඊට අමතරව 2GB RAM  එකකිනුත්, ධාරිතාව 16GB වෙච්ච ROM එකකිනුත් මේ ජංගම දුරකථනය බලගැන්වෙනවා. Phone එක වැඩකරන්න අවශ්‍ය බලය ලැබෙන්නේ ධාරිතාව 4000mAh වෙච්ච battery එකකින්. Xiaomi Redmi Note 3  එකේ වඩාත්ම ආකර්ශනීය feature එක වෙන්නේ finger print sensor එක. මෙමගින් තත්පර 0.3 ඇතුලත phone එක unlock කරගන්න පුලුවන්.තාමත් phone එක release වෙලා නැති නිසා user experience එක ගැන නම් දැන්ම කියන්න බැරිවෙයි. ඒ වගේම මේ phone එක ලංකාවට එන දවසකුත් තවම වාර්තාවෙලා නෑ. නමුත් phone එක සදහා හොද ඉල්ලුමක් ලංකාවේ තියෙන්න පුලුවන් කියල හිතනවා.දැනට මෙච්චරයි.තවත් තොරතුරු සමග ලගදීම නැවත හමුවෙමු. සුබ දවසක්!!






Oldest