දකුණු කොරියාව තම ප්‍රථම IoT Network එක Launch කරයි.

IoT ගැන අවදානයෙන් ඉන්න අයට සතුටු වෙන්න පුළුවන් විදියේ පුවතක් ඊයේ BBC මාධ්‍ය තුලින් ප්‍රකාශ උනා. ඒ දකුණු කොරියාව තමන්ගේ මුල්ම commercial, low-cost IoT network එක ඊයේ launch කිරීම.

මේ Project එකේ aim එක වෙලා තියෙන්නේ දකුණු කොරියාව තවදුරටත් "connected" කියන concept එක දෙසට ගමන් කරවීම. ඒ අනුව ඊයේ ඉඳන් දකුණු කොරියාවේ තියන Smart Devices වලට එකිනෙකා අතර තොරතුරු සංසරණය කරවීමට මේ Network එක   support කරනවා. මේ Project එක initiate කරන SK Telecom වලින් ලැබෙන ආරංචි වල හැටියට දකුණු කොරියානුවන් 99%කට මේ network එකට connect වෙන්න පුළුවන්.




හැබැයි මේ සේවාවන් බාවිතා කරන්න මාසිකව ගෙවීමක් සිදුකරන්න වෙනවා. IoT plans කොරියානු වොන් 350 සිට 2000 ( රුපියල් 44 සිට 250 ) දක්වා වෙයි කියලා තමයි SK Telecom ප්‍රකාශ කරලා තිබ්බේ. අමතරව ලබන වසර අවසන්  වනවිට තවත් වොන් බිලියන 100ක් ( රුපියල් බිලියන 12.5)  මේ සදහා ආයෝජනය කරන බවට ඔවුන් ප්‍රකාශ කරලා තිබුනා.

IoT බාවිතා කරලා ලංකාවේ Rail Transportation Improve කරන හැටි ගැන මට පොඩි අදහසක් තියෙනවා. එකගැන ලියපු Article එකට යන්න මෙතනින් Click කරන්න.  
Previous
Next Post »