Pi -Top : DIY Laptop පරිගණකය


අන්තර්ජාලය භාවිතාකරන ගොඩක් අයට පරිගණකයක් assemble කරලා පොඩි හරි අත්දැකීමක් ඇති. එහෙම නැත්තම් තමන්ගේ computer එකට ram එකක් හරි connect කරලා ඇති කියල හිතනවා. නමුත් laptop එකක් මේ වගේ assemble කරන්න පුළුවන් කිව්වොත්? ඔව්, ඇත්තටම එහෙම පුළුවන්. මේ විදියට laptop computer එකක් නිෂ්පාදනය කරලා තියෙන්නේ Pi -Top කියල company එකක්. laptop එකකට අමතරව Pi -top CEED කියලා all-in-one computer එකකුත් මේ  company එක introduce කරලා තියනවා. නමුත් අද අපි කතා කරන්නේ laptop එක ගැන.

මේ laptop එක assemble කරලා නෙවෙයි මිලදී ගත්තම ලැබෙන්නේ. මිලදී ගත්තු කෙනාම තමයි මේ laptop එක assemble කරගන්න ඕනේ. ගොඩක් tech side එකට බර වෙච්ච කෙනෙක්ට මේක ගොඩක් intersting experiance එකක් වෙයි. හැබැයි මේක assemble කරන එක අමාරු වැඩක් නෙවෙයි. Laptop එක design කරලා තියෙන්නේ ඕනෑම කෙනෙක්ට assemble කරගන්න පුළුවන් විදියට. නමුත් basic laptop එකකට අවශ්‍ය සියලු දේවල් ලැබෙනවා.

නමින් කියවෙනවා වගේම මේ laptop එක raspberry pi 2 single board computer chip එකකින් තමයි බලගන්වෙන්නේ. screen එක,Keyboard එක,battery pack එක වෙන වෙනම තමයි package එකේ එන්නේ.13.3” HD LCD screen එකේ  1366x768ක resolution එකක් තියනවා. Specification වල සදහන් වෙන විදියට පැය 10-12 අතර battery life එක userට ගොඩක් useful වෙයි. Laptop එක සමග 8GB SD card එකකුත් ලැබෙනවා. Wifi Dongle එකකුත් තියන නිසා පහසුවෙන්ම userට internet  connect වෙන්නත් පුළුවන්.Pi -Top කියන්නේ ගොඩක් basic laptop එකක්. ඒනිසා Call of Duty , Battlefield වගේ games නම් play කරන්න බෑ මේකේ. තියන software support එකත් ගොඩක් අඩුයි. මොකද laptop එක run වෙන්නේ Pi-Top OS එකෙන්. මේක Linux based OS එකක්. හැබැයි ලගදීම Libre office package එකත් support කරයි කියලා ආරංචි තියනවා. ඒනිසා geek student කෙනෙක්ට නම් Pi-Top laptop එක හොඳ toy එකක් වෙයි.

දැනට laptop එක ගන්න නම් company එකේ http://www.pi-top.com කියන website එකට ගිහින් order එකක් දාන්න ඕනේ. තාම company එක deliver කරන්නේ නොවැම්බර්  මාසෙට කලින් කරපු order වලට. ඒනිසා මාස 2-3කින් තමා laptop එක තමන්ට ලැබෙන්නේ. මෙහි මිල දැනට සදහන් වෙන්නේ USD 299.99ක් විදියට. ඉස්සෙල්ලා කියපු විදියටම laptop එකෙන් ලොකු වැඩනම් ගන්න බෑ. නමුත් hardware, Software, Programming ගැන ඉගනගන්න කෙනෙක්ට නම් Pi-Top එක හොද ආයෝජනයක් කියලා හිතෙනවා. The Ben Hack Show කියන YouTube channel එකේ laptop එකගැන video එකක් ටික දවසකට කලින් release උනා. එකේ link එක පහලින් දාන්නම්. එත් එක්කම පොඩි උදව්වක් ඉල්ලන්න හිතුනා. පුලුවන්නම් blog එක share කරලා අපිට ලොකු audience එකකට reach කරන්න help එකක් දෙන්න. ස්තුති...සුබ දවසක්!!






Previous
Next Post »