Windows 10 සදහාම පැමිණි අළුත් Dropbox app එක.


Internet use කරන ගොඩක් අය නම් දන්නවා Dropbox කියන්නේ මොකක්ද කියලා. Dropbox කියන්නේ file hosting service එකක්. file hosting service එකක් කියන්නේ මොකක්ද?අපි  Dropbox අපේ computer එකේ install කලොත් අපේ computer එකේ ටිකක් විශේෂ විදියේ folder එකක් හැදෙනවා. මේ folder එකට අපි කොහේ හිටියත් මොන device එක use කලත් අපිට ලේසියෙන් access කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාගේ computer එකේ dropbox folder එකේ තියන files ඔයා කොහේ හිටියත් ඔයාගේ phone එකේ dropbox app එක තියනවනම් බලාගන්න පුළුවන්. පසුගිය 21 වෙනිදා (2016/01/21) dropbox windows 10 සදහා අළුත් app එකක් release කළා.

මේ app එක ගොඩක් focus වෙලා තිබුනේ windows OS පාවිච්චි කරන tablet වලට. Dropbox app එකේ ලොකුම විශේෂත්වය වෙලා තිබුනේ app එක windows hello support කිරීම. Windows Hello support එක නිසා users ලට password එකකට වඩා තමන්ගේ මුහුණ Dropbox account එකට log වීමට බාවිතාකරන්න පුළුවන්. එක නිසා usersලට James Bond experience එකක් ගන්න ඔන්න අවස්ථාව ලැබිලා. Windows Hello fingerprint readers එක්කත් වැඩකරනවා. ඔයාගේ Device එකේ fingerprint reader එකක් තියනවනම් ඔන්න අවස්ථාව.

Previous
Next Post »