Microsoft තම දත්ත මුහුදට දමයි?

Facebook සහ Google වැනි සමාගම් තමන්ගේ දත්ත මද්‍යස්ථාන සීතල රටවල් වල ස්ථාපනය කරන්න පසුගිය දවස්වල කටයුතු කළා. එයට හේතු උනේ  එම   සමාගම් වල Air Conditioning bill එක අඩුකරගන්න. නමුත් Microsoft Company එක ඊට වඩා වෙනස් ආකාරයකට තමන්ගේ Energy Cost එක අඩුකරගන්න පියවරක් ගත්තා. Microsoft තමන්ගේ මේ Radical පියවරට හේතු කීපයක් සදහන් කරලාතිබ්බා. මේ Project එක නම් කරලා තියෙන්නේ Project Natick කියලා.

1)  Energy cost එක අඩුවීම.
2) ලෝක ජනගහනයෙන් 50%ක් මුහුදේ සිට 200km අතර ජීවත්වීම.
3) Center එකක් පිහිටුවන්න දින 90ක් පමණක් ගතවීම. (Ordinary Data Center එකක් හදන්න අවුරුදු 2ක් පමණ ගතවෙනවා.)
4) පුනර්ජනනීය ශක්තිය බාවිතවිම.
5) පරිසර හිතකාමී වීම.

මේ project එක සදහා Microsoft ඉංජිනේරුවන් දවස් 105ක් පුරාවට පරීක්ෂණ කළා. ඒ සදහා තමයි  Microsoft තමන්ගේ මුල්ම Underwater Submarine Data Center එක California වෙරළ තීරයට 1km දුරින් අඩි 30ක ගැබුරෙන් ස්ථානගත කරේ. මේ capsule එක නම් කරලා තිබුනේ Leona Philpot කියලා . Halo game එක play කරලා තියනවනම් මෙයාව ඔයාල දන්නවා ඇති. කොහොමහරි පරීක්ෂණ වල ප්‍රතිපල හිතුවටත් වඩා හොදයි කියලා තමයි Microsoft පැත්තෙන් ආරංචි වෙන්නේ.

මුහුද කිව්වම මතක් වෙන දෙයක් තමයි අදික ලවන සහිත පරිසරය නිසා ලෝහ ඔක්සිකරණ වීම. මේ ස්වභාවික සංසිද්දිය Project Natick සදහාද පොදුයි. ඒ නිසා වසර 5කට සැරයක් මේ Data Capcules ගොඩබිමට අරන් ඇවිත් අවශ්‍ය repairs කරන්න ඕනේ.
Previous
Next Post »