Intel සමාගමේ Apollo Lake සමගින් වඩා සිහින් සහ මිල අඩු පරිගණක

Intel සමාගමේ Atom Processors ගොඩක් Budget Oriented product එකක් වගේම  Budget එකට අනුව සාධාරණ  Performance එකකුත් Deliver කරන Product Line එකක්. නමුත් Atom Processors Use කරන HP Stream Series එක වගේ ගත්තොත් ඒවා ගොඩක් Thick Chassis එකක් තියන, RAM Capacity එක ගොඩක් අඩු ඒ වගේම සංකීර්ණ වැඩ කරන්න ටිකක් කම්මැලි Devices. මේ නිසා Atom Use කරන අයට හිතෙන්න පුළුවන් එයාලා පාවිච්චි කරන්නේ Outdated Processor එකක් ද කියලා.


මේ ප්‍රශ්න වලට ඊයේ Intel Company එක උත්තරයක් දුන්නා. ඒ එයාලගේ අලුත් Apollo Lake Processors Release කරමින්. මේත් එක්කම  Processors වල Budget Segment එකට අලුත් ජීවයක් ලැබුණයි කියලා කියන්න පුළුවන්. Apollo Processor එක ගොඩක් Compact නමුත් ඒ මගින් Performance එක Compromise වෙන එක අඩු කරගන්න Intel එකේ ඉංජිනේරුවන් සමත් වෙලා තියනවා.

Size එකට අමතරව තවත් විශේෂතම දෙයක් මෙහි අඩංගු වෙනවා. ඒ තමයි Graphic Technology එක. Intel Skylake Architecture එකෙන් ඉල්ලගත්තු Technology එක තමයි Apollo Lake එකේ ඇතුලත් වෙන්නේ. මේ නිසා Overall Visual Performance එක වැඩි වෙලා තියනවා. තවත් USB-C වගේ Premium Specifications Apollo Lake සමග Budget Segment එකට පැමිණෙනවා.

Intel තවමත් Processors වල Clockspeed එක සහ මිල තවමත් ප්‍රකාශ කරලා නැ. නමුත් 2016 දෙවෙනි කාර්තුවේදී පමණ Apollo Lake වෙළෙද පොලට එයි කියල තමයි බලාපොරොත්තු වෙන්නේ.
Previous
Next Post »