Document shearing Whatsapp වෙත පැමිණේ

කාටහරි document එකක් share කරගන්න ඕනේ උනාම බාවිතා කරන්න පුළුවන් apps ගොඩක් දැනටමත් develop කරලා තියනවා. Dropbox සහ Onedrive මේ සදහා උදාහරණ. මීට අමතරව ටිකක් පැරණි විදියට email එකක් හෝ pendrive එකක් මගින් උනත් file එකක් document එකක් share කරගන්න පුළුවන්. තත්වය මෙහෙම තියෙද්දී පසුගියදා whatsapp තමන්ගේ app එක සදහා document sharing option එක add කළා. ඇත්තටම මේ option එක whatsapp use කරන ගොඩක් අය බලාපොරොත්තුව සිටි දෙයක්.

ඔයාලගේ Smart Phone එකේ whatsapp app එක latest version එකට update කලාට පස්සේ තමයි මේ සේවාව පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. නමුත් Windows Phone platform එකට නම් තාම මේ feature එක add වෙලා නෑ. ඒ කියන්නේ  iOS සහ Android users ලට තමා දැනට මෙය බාවිතා කරන්න පුළුවන්.

මේ විදියට  PDF Format එකේ තියන document files පමණයි share කරගන්න පුළුවන්. මීට අමතරව document file එක ලැබෙන කෙනා (receiver) ගේ whatapp app එක latest version එකට update කරලා තිබුනොත් විතරයි file transfer එක සාර්ථක වෙන්නේ.
Previous
Next Post »