කොළඹ ආපු U B E R


U B E R කියන්නේ ලෝකේ තියන විශාලතම Transport Network Company එකක්.ඒ කියන්නේ සරලව කිව්වොත් online-enabled platform එකකින් රියදුරා සහ මගියා සම්බන්ධ කරන සමාගම් විශේෂයක්.පසුගියදා මෙම සමාගම කොළඹ තම සේවා සපයන නගරයක් විදියට නම්කරලා සේවා සැපයීම ආරම්භ කලා.නමුත් U B E R ලංකාවට ආගන්තුක නිසා ඒ ගැන ලියන්න හිතුවා.


ඇත්තටම කිව්වොත් UBER කියන්නේ taxi එහෙම නැත්තම් cab service එකක්. නමුත් විශේෂත්වය  වෙන්නේ සේවා සැපයීම සිදුවෙන්නේ uber app එක හරහා. අපිට කොහේ හරි යන්න ඕනේ නම් කරන්න තියෙන්නේ app එකට log වෙන එක.එතකොට GPS තාක්ෂනය මගින් අපිට ලගින්ම තියන UBER driverව අපිට සම්බන්ධ කරගන්න පුළුවන්.අපි අපේ destination එකට ආවම අපේ credit card එකෙන් ගමනේ ගාස්තුව අයකරගන්නවා. මේ මුදලෙන් 20% UBER සමාගමට බැර වෙන අතර ඉතුරු 80% අපේ රියදුරු මහතාට ලැබෙනවා.

UberTaxi, UberX, UberSUV, UberLUX සහ UberBLACK කියලා වෙනස් car segments, UBER පහසුකම් සපයන්න වෙනත් රටවල තිබුනත් දැනට තොරතුරු ලැබෙන විදියට ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ UberX විතරයි. ගොඩක් දුරට මෙම කාණ්ඩයට ඇතුලත් වෙන්නේ Toyota Prius වගේ Car එකක්.

UBER driver කෙනෙක් වෙනවා නම් සම්පුර්ණ කරගත යුතු දේවල් කීපයක් තියනවා.
1) ඔබ UBER සමාගම මගින් කරන Background Check එක Pass වෙන්න ඕනේ 
2) Valid Driver's License එකක් තියෙන්න ඕනේ 
3) ඔබ car එක Insurance එකක් තියෙන්න ඕනේ 
4) වැදගත්මදේ ඔබට car එකක් තියෙන්න ඕනේ

ගොඩක් දෙනක් මේ වගේ සේවාවක් ලබාගන්න පසුබට වෙන්නේ මිල සම්බන්දව පවතින සැකය නිසා.නමුත් Uber වල අයකිරීම් සාපේක්ෂව සාධාරණයි කියල කියන්න පුළුවන්. Uber  වල Base Fee එක රුපියල් 100.00යි. සෑම 1km ට charge  එක රුපියල් 50ක් වෙනවා. ඊට අමතරව waiting fee එක විනාඩියකට රුපියල් 2ක් විතරයි. මිට අමතරව cancellation එකකට රුපියල් 100.00ක් අයකරනවා. උදාහරණයකට 
කොළඹ කොටුවේ සිට පානදුර දක්වා  ගාස්තුව රුපියල් 1,569-2,059 අතර වෙනවා.


Previous
Next Post »