Quantum පරිගණක යුගය පැමිණෙයි?

මොකක්ද මේ Quantum Computing කියන්නේ? Quantum Computing නම් පොඩ්ඩක් ඔබට නුහුරු උනත් කවදාහරි Quantum Physics නම් අහල ඇති කියලා හිතෙනවා. මේ Quantum Physics වල theories computing වලට apply වීම තමයි මුලිකවම Quantum Computing වල base එක වෙන්නේ. මේ theories, computer වල processing power එක විශාල ගුණයකින් වැඩිකිරීමේ හැකියාවක් තියෙනවා එහි multiple states වල පිහිටීමේ ගුණය නිසා.



Classical Vs Quantum

Classical නැත්තම් වර්තමානයේ අපි භාවිතාකරන computers වල principal එක වෙලා තියෙන්නේ Boolean algebra. කිව්වට පුදුම වෙන්න එපා මුලින්ම Boolean Algebra ගැන සදහන් වෙන්නේ 1847 දී ජෝර්ජ් බූලි ( George Boole) ලියපු The Mathematical Analysis of Logic නම් පොතේ.

Boolean Algebra principles වලට අනුව දත්ත process වෙන්නේ 0 හෝ 1 ලෙස electronic trasistor හෝ capasitor තමන්ගේ state එක වෙනස් කරගනිමින්. මෙසේ state එක වෙනස් කරගැනීමේ වේගය උපරිම කිරීමේ සීමාවක් පවතිනවා. මේ අවස්ථාවේදී තමයි Quantum Physics උදව්වට පැමිණෙන්නේ.Quantum Computer එකකදී ඉලෙක්ට්‍රොන හෝ ප්‍රෝටෝන ඒවායේ ආරෝපණය හෝ ධ්‍රැවිතාවය අනුව 0 හෝ 1 ලෙස හැසිරෙනවා. මේ වගේ particle එකක් හදුන්වන්නේ qubit නමින්.







Previous
Next Post »