Android සදහා පැමිණි Arrow Launcher


ඔබ Android OS වලින් වැඩකරන Smart Phone එකක් භාවිතාකරන කෙනෙක්නම් දන්නවා ඇති launcher එකක් කියන්නේ මොකක්ද කියලා. launcher එක තමයි අපේ device එකේ main view එක user ට පෙන්වන්නේ. ඊට අමතරව launcher එක මගින් තමයි phone එකේ apps සහ widgets කළමනාකරණය කරන්නේ. අද අපි විස්තර කරන Arrow launcher එකේ දකින්න පුළුවන් ලොකුම විශේෂත්වය තමයි මේක හදලා තියෙන්නේ Microsoft සමාගම විසින්. Microsoft සමාගම විසින් තමයි Windows 8 සහ  Windows 10 OS නිර්මාණය කරන්නෙත්.

Android user කෙනෙක්ට Play Store එකට ගිහින් Arrow download කරගන්න පුළුවන්. App එක 7MB වගේ තමා වෙන්නේ. මීට අමතරව Arrow run කරන්න Android 4.0.3 හෝ ඊට පසුව නිකුත් උන Android version එකක් ඔයාගේ phone එකේ තියෙන්න ඕනේ.  Arrow Launcher  එකේ interface එක ගොඩාක් simple ඒනිසාම ගොඩක් user-friendly කියල කියන්නත් පුළුවන්.මම launcher එක test කලේ මගේ Huawei Honor Holly phone එකෙන්. එකෙදිනම් launcher එක කිසිම lag එකක් නැතුව smooth වැඩ කළා.

Launcher app එක run කලාම අපි වැඩිපුරම පාවිච්චි කරපු app analyse කරලා ඒ apps home Screen එකේ පෙන්නනවා. Home screen එකෙන් වමට swipe කරාම අපේ call log එකේ සහ message log එකේ summary එකක් පෙන්නනවා. දකුණට swipe කලාම recent activities බලාගන්න පුළුවන්.Home screen එකේ home එක touch කලාම phone එකේ install කරලා තියන හැම app එකම alphabetical order එකට පෙන්නනවා.

කොහොම උනත්  Arrow Launcher එක Android use කිරීම පහසු කලාට  iSO හෝ Windows 8 තරම් user-friendly නැතිබවයි අන්තර්ජාලයේ සදහන්වෙලා තිබ්බේ.

Previous
Next Post »