Wi-Fi වෙනුවට Li-Fi?


Wi-Fiකිව්වම අන්තර්ජාලය භාවිතා කරන කෙනෙකුට නම් අළුත් දෙයක් නෙවෙයි. අපි ගොඩක් අය අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න මේ තාක්ෂණය භාවිතා කරනවා. නමුත් නුදුරේම මෙම තාක්ෂණය කල් ඉකුත්වන ආකාරයේ පුවතක් එස්ටෝනියාවෙන් (Estonia) වාර්තා වෙනවා.

මේ නව දත්ත සම්ප්‍රේශණ තාක්ෂණය නම් කරලා තියෙන්නේ Li-Fi කියලා. Li-Fiවල නිමැවුම්කරු විදියට සදහන් වෙන්නේ බ්‍රිතන්‍යයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ(University of Edinburgh) හැරල්ඩ් හාස් (Harold Haas) කියන පුද්ගලයා. 2011දී තමා ඔහු මේ සොයාගැනීම කරලා තියෙන්නේ. නමුත් Li-Fi technology එක මුලින්ම real -life situation එකකට develop කරලා තියෙන්නේ එස්ටොනියාවේ වෙල්මෙන්නි (Velmenni) කියලා සමාගමක්.
සරලවම කිව්වොත් VLC එහෙමත් නැත්තම් Visible Light Communication යොදාගෙන තමා Li-Fiවල දත්ත සම්ප්‍රේෂණය සිදුවෙන්නේ. මෙහෙදී සිද්ද වෙන්නේ අධි වේගයෙන් flash වෙන signal lamp එකකින් lamp එක on උනාම 1 ලෙසත් off උනාම 0 ලෙසත් binary code එකක් generate වීම.පරීක්ෂණ මට්ටමේදී Li-Fi, 224 Gigabits per second  data transmission speed එකක් වාර්තා කරලා තියනවා. Wi-Fi සදහා මෙම අගය වාර්තා වෙන්නේ 600 Megabits per second විදිහට.
මේ technology එකේදී signal optical light මගින් ගමන් කරන නිසා බිත්තියක් හරහා ගමන් කිරීමේ හැකියාවක් Li-Fiවලට නෑ. මෙය දත්ත ආරක්ෂාව අතින් හොද දියුණුවක් උනාට කාමරයක සිට තවත් කාමරයකට ගමන් කරනකොට Signal නැතිවීම ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වේවි. 
අපි හැමෝටම සතුටු වෙන්න පුලුවන් විදිහේ තොරතුරක් හාස් (Harold Haas) TED Talks එක්ක ලෝකෙට හෙලිකලා. ඒ අපේ ගෙවල් වල තියන LED light පවා Li-Fi transmitter ලෙසට convert කරගන්න පුලුවන් කියලා. අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බාදා තියෙන අයට මේක හොද ආරන්චියක්.

තවත් තොරතුරු සමගින් නැවත හමුවෙමු. සුභ දවසක්


Previous
Next Post »