Numbers

Numbers 

අපි දනන්නවා පරිගණකය තුල store වෙලා තියන හරි පරිගණකය manipulate කරන හරි information කියන්නේත් data කියලා. ඕනෑම Programming Language එකක මේ data වෙනස් type කීපයකට අයත් වෙනවා. එම data ඒක අයත්වන type එක අනුව එයට ගන්න පුළුවන් values හා කරන්න පුළුවන් operations වෙනස් වෙනවා. පහතින් දැක්වෙන්නේ ඒ වගේ data types වගයක්.

Python වල standard data types 5ක් තියනවා.

  • Numbers
  • String
  • List
  • Tuple
  • Dictionary

මේ data types වලින් අපි මුලින්ම Numbers & String ගැන මුලින්ම අපි ඉගෙනගමු. Numbers ගත්තොත් Python, number types 4කට support කරනවා. ඒවා තමයි,

  • int (+හෝ - පූර්ණ සංඛ්‍යා)
  • long (long integers, they can also be represented in octal and hexadecimal)
  • float (දශම සංඛ්‍යා)
  • complex (complex numbers)
දැන් අපි බලමු Python Shell එකෙන් අපි enter කරන data number එකක type එක බලාගන්න විදිය. මේ සදහා අපි බාවිතා කරන්නේ "type" syntax එක.