Functions

මොකක්ද function එකක් කියන්නේ කියලා තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ. සරලවම කිව්වොත් යම් task එකක් කරගන්න unit එකක් විදියට package කරගත්තු code block එකක් තමයි function එකක් කියන්නේ. ඇයි මේ විදියට code blocks අවශ්‍ය වෙන්නේ? ප්‍රදාන වශයෙන් functions, program එකක readability, maintenance, re-usability වගේ qualities refine කරනවා. Software Engineering කරනකොට මේවා ගැන තව හොදට ඉගෙනගන්න පුළුවන්. ඕනෑම Programming Language එකක predefined functions තියනවා. අපි Python වල use කරන Print() මේ වගේ function එකක්.

දැන් අපි බලමු කොහොමද අපි අපිට ඕනේ task එකක් කරගන්න function එකක් ලියන හැටි. මුලින්ම අපි බලමු function එකක් ලියන්නේ කොහොමද කියලා. 
දැන් අපි ලියමු radius එක දුන්නම circle එකේ area එක output වන විදියේ function එකක්.

def circlearea(r):
    area= 22/7*r**2
    print (area)

දැන් කෙනෙක්ට එන්න පුළුවන් ප්‍රශ්නයක් කොහොමද මේ function එක call කරන්නේ කියලා. ඒක වෙන්නේ මෙහෙමයි.


මම දැන් මේ කරලා පෙන්නුවේ ගොඩක් සරල function එකක්. සාමාන්යෙන් program එකක use වෙන function එකක් මීට වඩා සංකීර්ණයි. හිතලා තියනවද button එකක් click කරාම කොහොමද task එකක් execute වෙන්නේ කොහොමද කියලා. එතනදිත් ගොඩක් දුරට සිද්දවෙන්නේ function එකක් execute කිරීම.