මොකක්ද මේ PHP ?

PHP කියන්නේ server side scripting language එකක්. ඒ කියන්නේ අපි ලියන code එක run වෙන්නේ server එකකදී. අපි html වලින් web page එකක් හදලා browser එකෙන් open කරලා බලනවා වගේ php script එකක් run කරගන්න බෑ. ඒනිසා php ඉගෙනගන්න කලින් අපේ lap එකේහරි desktop එකේ හරි php run කරගන්න environment එක හදාගන්න ඕනේ. XAMP, WAMP, LAMP වගේ software bundels මගින් මේ කියනදේ සරලව කරගන්න පුළුවන්. මේ Bundles ගැන මම ඊලග post එකේ කියන්නම්.

 PHP open source software එකක්. ඒ නිසා ඕනේ කෙනෙක්ට මේක download කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. PHP MySQL, Oracle, PostgreSQL වගේ බහුලව භාවිතාවෙන database වලට support කරනවා වගේම PHP දැනට තියන හැම server එකකටම compatible වෙනවා.