Class එකට අලුත් methods

දැන් අපි අපේ class එකට __init__ හැර වෙන method ටිකක් add කරන්න යන්නේ. Method එකකින් කරන්නේ අපේ class එකට අයත්වෙන objects යොදාගෙන අපිට අවශ්‍ය වෙන output එකක් ලබාගැනීම. මෙතැනදී කරන්න යන්නේ අපි points create කරාට පස්සේ අපිට යම් point එකක x,y values ලබාගන්න පුළුවන් විදියට methods ලිවිම.  දැනට අපේ class එක තියෙන්නේ මෙහෙම.

class point:
     def __init__(self,initX,initY):
        self.x=initX

        self.y=i
nitY

එකට දැන් අපි getX සහ getY methods create කරන්න යන්නේ. මෙතන අපිට අපේ methods වලට ඕනේ නමක් දාගන්න පුළුවන්. මොකද මේවා user defined methods නිසා.

    def getX(self):
        return self.x

    def getY(self):
        return self.y

අපි point එකක් create කරාම __init__ method එක execute වෙලා variables වලට අපේ point එකේ x ,y assign වෙනවා. අපේ අලුත් method දෙකෙන් වෙන්නේ මේ variables දෙක වෙන වෙනම output කිරීම.