Database and SQL

මොකක්ද Database එකක් කියන්නේ? එතකොට SQL? IS/IT/CS කරන්න අලුත් අයට ගොඩකට තියන ප්‍රශ්ණ තමයි මේ. සරලවම කිව්වොත් Database එකක් කියන්නේ දත්ත එහෙම නැත්තම් Data store කරන්න පුළුවන් respiratory එකක්. එතකොට ඇයි අපිට database එකක් ඕනේ වෙන්නේ? වර්තමානයේ තොරතුරු පද්දති මගින් විශාල ප්‍රමාණයේ තොරතුරු එකතු කරනවා වගේම මේ තොරතුරු මගින් වෙනත් තොරතුරු පවා generate කරනවා. මේ විදියට generate කරන data අපිට hard copies වලට අරගන්න උනොත් ඒ සදහා අවශ්‍ය වන කඩදාසි නිපදවීමට පෘතුවියේ තියන සියලු ගස් කැපුවත් මදිවෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ data, computer වල server වල store කරන්නේ.


අපිට මොනවගේ අවස්ථා වලදීද databases ඕනේ වෙන්නේ? ඊට වඩා ලේසි ප්‍රශ්නයක් තමයි මොන අවස්ථා වලදීද අපිට databases ඕනේ නැති වෙන්නේ කියලා අහන එක. Air ticket reservation, POS Software, Inventory Management Software,  Document Management Software වගේ එකී මෙකි නොකී හැම තැනකම databases පාවිච්චි වෙනවා.

SQL කියන්නේ අපි database වල තියන data එක්ක ගනුදෙනු කරන language එක. SQL වලින් තමයි අපි  අපේ database එකේ data manipulate කරන්නේ. SQL වලින් කරන්න පුළුවන් දේවල් අපි ඉස්සරහට tutorials වලින් ඉගෙනගමු.