For Loop-II

For Loop -I Tutorial එක කියෙව්වා නම් දැන් For Loop එක ගැන යම් අදහසක් ඇති. අද තව ටිකක් දුරට යමු. විශේෂ Loop වර්ගයක් අද උගන්නනවා. ඒ Nested Loops. ඊට අමතරව තව examples ටිකකුත් බලමු.

මොනවාද ඇත්තටම Nested Loops කියන්නේ? මේක Loop වල විශේෂ අවස්ථාවක්. හිතන්න එක Loop එකක් ඇතුලේ තව Loop එකක් execute වෙනවා කියලා. ඒ වගේ අවස්ථාවක් තමයි Nested Loop එකක් කියන්නේ. Code එකක් ලියලා Run කරලා බලමු. එතකොට තව හොඳට තේරෙයි.

ඔන්න පලවෙනි Code එක මෙහෙමයි

x=[1,2,3]
y=[3,1,4]

combs=[]
for x in [1,2,3]:
    for y in [3,1,4]:
        if x!=y:
           combs.append((x,y))
Print (combs)

Output:
[(1, 3), (1, 4), (2, 3), (2, 1), (2, 4), (3, 1), (3, 4)]

මේ තියෙන්නේ code එක run වෙන විදිය























හිතනවා දැන් Nested Loop ගැන Idea එකක් එන්න ඇති කියලා. පොඩි Exercise එකක් කරමු දැන්. 

for n in range(2, 10):
    for x in range(2, n):
        if n % x == 0:
          print(n, 'equals', x, '*', n//x)
          break
        else:
          # loop fell through without finding a factor

          print(n, 'is a prime number')

මේකේ Output එක නම් මම මෙතන post කරන්නේ නෑ. ඔයාලම Try කරලා බලන්න. Run කරන්න කලින් මොනවගේ Output එකක් එයිද කියලා පොඩ්ඩක් කල්පනා කරලා ඉන්න. එතකොට තමයි හොඳට ඔළුවට යන්නේ :D