For Loop-I

Python වල for statement එක නම් C හරි Pascal වල හරි for statement එකට වඩා පොඩ්ඩක් වෙනස්. Python වල for statement එක iterate වෙනවා ඕනෑම sequence එකකින් (list එකක් හරි string එකක්) ඒ sequence එකේ අනුපිලිවලට. මෙහෙම කිව්වම ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා පොඩි example එකක් කරලා බලමු. මුලින්ම අපි හදමු list එකක්.

a=['cat','elephant','goat']

දැන් cat , elephant , goat කියන්නේ අපේ ලිස්ට් එකේ elements. දැන් හිතන්න අපිට මේ list එකේ තියන එක එක element එක වෙන වෙනම ඕනේ කියලා. ඒක අපිට කරගන්න පුළුවන් for statement එකෙන්.

a=['cat','elephant','goat']
for x in a:
    print(x)

Output:

cat
elephant
goat

මෙතන x කියල තියෙන්නේ list එකේ element. x වෙනුවට වෙන letter එකක් උනත් අපිට යොදාගන්න පුළුවන්.

අපි programming වල loops වර්ග 2ක් බාවිතා කරනවා.

1) Definite iteration- මෙතැනදී predefined වාර ගාණකට තමයි loop එක repeat වෙන්නේ.

2) Indefinite iteration- මේ විදියේ loop එකක් program එක run වෙනකන්ම් repeat වෙනෙවා.

මේ වර්ග 2න් for loop එක definite iteration වලට ලේසියෙන්ම support කරනවා. මේකත් example එකකින් පෙන්නන්න පුළුවන්.

for i in range(4):
     print ("Python Lesson")

මේකේ range එකෙන් පෙන්නන්නේ අපේ command එක repeat කරන්න ඕනේ වාර ගාන. එතකොට output එක එනවා.

Python Lesson
Python Lesson
Python Lesson
Python Lesson

හිතන්න අපිට යම් range එකක් අතර තියන ඉලක්කම් ලබාගන්න ඕනේ කියලා. උදාහරණයක් වශයෙන් 1 ඉඳන් 100 වෙනකන්. කරන්න ඕනේ මෙච්චරයි.

for r in range(1,101):
    print(r)

0 ඉදන් 100 දක්වා 5 ගුණාකාර නම් 

for q in range(0,101,5):
    print(r)

100 ඉඳන් 1 වෙනකන්

for x in range (100,0,-1):
    print (x)

For loop එකෙන් තව වැඩ ගොඩක් කරන්න පුළුවන්. ඒ හින්ද ඊලග post එකේදී ඒවා ගැන දාන්නම්.