Hello PHP

Php කියන්නේ මොකක්ද දැනගෙන WAMP (හරි LAMP, XAMP ) install කරගෙන දැන් මුල්ම php script එක ලියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ සදහා සාමාන්‍ය text editor එකක් (Notepad) හරි Notepad++ හෝ Sublime Text වගේ software එකක් use කරන්න පුළුවන්.

php code එක ලියන්න කලින් අපි කරන්න ඕනේ දේ තමා WAMP Server එක online කරගන්න එක. අපේ desktop එකේ තියන WAMP shortcut එක double click කරාම මේ වැඩේ කරගන්න පුළුවන්. WAMP online උනාද කියලා taskbar එකේ notification එකෙන් බලාගන්න පුළුවන්.


Php වල මුල්ම rule එක තමයි අපේ script එක හැම වෙලාවෙම <?php හා ?> අතර code කලයුතුයි.

<?php 
.......code එක.........
?>

හැමදාම වගේම මුලින්ම Hello print කරලා අපේ වැඩේ පටන්ගමු. Python වල print command එක වගේම php වල print command එකත් echo command එකත් use වෙනවා.

<?php
echo "Hello PHP"
?>

දැන් තමයි වැදගත්ම දේ අපිට අපේ php code එක අපිට ඕනේ තැනක save කරලා run කරන්න බෑ. මොකද කලින් කිව්වා වගේ PHP කියන්නේ server side script language එකක්. ඒ නිසා අපි specified directory එකක තමයි මේ file එක save කරගන්න ඕනේ. WAMP නම් use කරන්නේ මේ specified directory එක වෙන්නේ www folder එක. 

ඊළගට වැදගත් වෙන්නේ කොහොමද මේ code එක run කරගන්නේ කියන එක. කරන්න තියෙන්නේ මේ විදියට link එක දෙන්න browser  එකේ address bar එකට.


localhost /filename.php

code එක හරියට execute උනානම් output එක එන්න ඕනේ,

Hello PHP