If..Elseif..Else

අද පාඩම If, Elseif සහ Else conditional statements පාවිච්චි කරන්නේ කොහොමද කියලා. If, Elseif හා Elseif conditions වලින් වෙන දේ නම් මම කලින් tutorials වලදී කියල දීල තියෙනවා.ඒ හින්දා conditional statements code එකේ ලියන හැටි විතරක් කියලා දුන්නම ඇති කියලා හිතෙනවා. මේවා ගැන අපැහැදිලි කමක් තියෙනවා නම් මෙතනින් click කරන්න.

මේ conditions 3ම include වෙන විදියට example එකක් කරාම තේරෙයි. ඇත්තම කිව්වොත් ගොඩක් සරල දෙයක් තියෙන්නේ.

<?php
$d=date("D");

if($d=="Fri"){
echo "Hello! <br/>";
echo "Have a nice weekend!";
}

elseif($d=="Sun"){
echo "have a nice Sunday!";
}

else{
echo "Have a nice day!";
}

?>

අපි මෙතැනදී date() function එක use කරලා තියෙනෙවා. date() function මගින් server එකේ  date එක අරගන්නවා. ඉතින් අද දවසට අනුව එකක් ලැබෙයි. Code එකේ 5th line එක බැලුවොත් පෙනෙයි echo construct එක ඇතුලේ html script එකක් embed වෙලා තියෙනෙවා. අපිට මේ වගේ echo construct එක ඇතුලේ html script embed කරන්න පුළුවන්.