INNER JOIN

SQL වල joins භාවිතා වෙන්නේ table දෙකක හෝ වැඩි ගණනක තියන rows අපිට combine කරගන්න. ඒ කියන්නේ යම් table දෙකක common field එකක් තියනවනම් ඒ field එක base කරගෙන තමයි. දැන් අපි කරන්න යන්නේ INNER JOIN එක.

INNER JOIN එකක වෙන දේ රූපයකින් පෙන්නුවොත් මේ වගේ දෙයක් තමයි වෙන්නේ.




ඒ කියන්නේ table දෙකේම තියන records විතරයි මෙතනින් අපිට ලබාගන්න පුළුවන් වෙන්නේ. INNER JOIN example එක කරන්න මම අලුත් tables දෙකක් හදාගෙන ඉන්නේ.


දැන් මට ඕනේ වෙලා තියනවා හැම department එකේම employees ගානයි ඒ ඒ department වල manager ගේ නමයි.මෙතන employees table එකේ ID එක සමාන වෙනවා department table එකේ ManagerEmpID එකට .එතකොට query එක එන්නේ.

SELECT employees.Name, department.DepID, department.NoOfEmployees
FROM department
INNER JOIN employees
ON department.ManagerEmpID=employees.ID;



මෙතැනදී වෙන්නේ අපි select කරනවා employees table එකේ Name එක සහ department table එකෙන් DepID සහ NoOfEmployees. ඊටපස්සේ department table එකෙන් select කරපු column වලට INNER JOIN කරනවා employees එකෙන් select කරපු column. මේ JOIN එක base වෙන්නේ department.ManagerEmpID=employees.ID වීම මත.