Lists

List කියන්නෙත් python වල use වෙන Data Types වලින් එකක්. List  එකක් elements කීපයකින් හරි සමහර විට elements නැතුව හරි තියෙන්න පුළුවන්. Python වලදි list එකක් create කරන්නේ පහල තියන විදියට.

a =["vidura ","roshan ","eshara ","vidusha "]

හිතන්න එපා List එකක තියෙන්න පුළුවන් එකම data type ජාතියෙන් කියලා (numbers හරි strings හරි විතරක්). එහෙම දෙයක් නෑ .

b=["vidura ","roshan ",75, 82]

list එක්ක වැඩ කරනකොට elements වල index එක දැනගැනීම ගොඩක් වැදගත්. මේ index එක පටන් ගන්නේ 0න් . ඒ කියන්නේ list එකේ පලවෙනි element එකේ index එක 0, දෙවෙනි එකේ 1 ඒ විදියට තමා index වෙන්නේ.

පහතින් තියෙන්නේ lists වලට use කරන්න පුළුවන් functions සහ ඒවාගැන පොඩි විස්තරයක්.

append(x) - list එකක අවසාන element එක ලෙස x  item එක add  කිරීම.
insert (x,i) - list එකේ i index එකට x item එක add කිරීම.
insert(len(a), x) - ක්‍රියාකාරිත්වය append(x) ට සමානය. a යනු list එකේ නම වේ.
pop([i]) - i index එකේ item එක remove කර එය return කිරීම.
index(x) - x item එකේ index එක return කිරීම.
count(x) - x item එක list එකේ තියන අවස්ථා ගණන return කිරීම.
sort() - list එක sort කිරීම.
reverse() - list එකේ elements තියන පිළිවෙල reverse කිරීම.

ඔන්න functions ටික පාවිච්චි කළා



result එක එන්නේ මෙහෙමයි