Object-Oriented Programming Series

Object-Oriented Programming නැත්තම් OOP කියන්නේ programming වල ගොඩක් වැදගත් part එකක්. එතකොට Python කියන්නෙත් OOP concepts වලට support කරන language එකක්. OOP වලදී ගොඩක් වැදගත් වෙනවා class සහ objects කියන concepts හරියට අවබෝධ කරගන්න එක. හිතන්න දැන් ඔයා වැඩිවෙලා ඉන්න පුටුව. එකට මොනවාද තියන attributes? එකට තියනවා weight එකක්, Width එකක්, Height එකක්, Color එකක් වගේම එක තියන location එකත් එකට attributes වෙනවා. OOP වලින් කරන්නේ මේ වගේ objects අපේ program එක තුල built කරගන්න එක. එතකොට මම කිව්ව attributes වෙනස් කිරීම මගින් මේ objects වල behavior එක අපිට ඕනේ විදියට model කරගන්න පුළුවන්.

එතකොට class එකක් කියන්නේ? OO Concepts වල Objects define වෙන්නේ "Instances of class" කියලා. දැන් මම කලින් explain  කරන්න ගත්තු object එක ඒ කියන්නේ පුටුව object එකක් නම් එකේ class එක වෙන්නේ furniture. Furniture කියන class එකේ එක instance එකක් තමයි පුටුව. මේසේ, cupboard කියන්නෙත් furniture class එකේ instances ඒ නිසා ඒවත් objects වෙනවා.