Hello Python

Hello Python

අද ඉදන් eකඩදාසිය Python Tutorials Series එකක් පටන් ගන්න තමයි හදන්නේ. Python කියන්නේ මෑත ඉතිහාසයේ ගොඩක් ජනප්‍රිය වෙච්ච Programming Language එකක්. දන්න දෙයක් අනිත් අයත් එක්ක බෙදාගන්න එක හොදයි නිසා තමයි මේ series එක මම කරන්නේ. Series එක ඉවර වෙනකොට ඔයා Python වලින් Expert කෙනෙක් නම් වෙන එකක් නෑ. නමුත් Programming වලට අලුත් කෙනෙක්ට මේක හොඳ ආරම්භයක් කියලා හිතනවා.


අපේ මුල්ම Program එක විදියට Print syntax එක use කරලා පොඩි program එකක් ලියන්න තමා මම බලාපොරොත්තු වෙන්නේ. අපි මේ Syntax එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි Type කරන දෙයක් Screen එකේ Display කරන එක. අපි මෙතැනදී Python IDE එක තමයි code එක ලියන්න භාවිතා කරන්නේ.


දැන් Enter Key එක Press  කලාම අපේ Code එක Run කරගන්න පුළුවන්.

මේක තමා Python වලින් Code කරන්න පුළුවන් සරලම Program එක. ගොඩක් අයට හිතෙන්න ඇති මේක Tutorial එකක් කරන්න තරම් දෙයක්ද කියලා. නමුත් දෙයක් මුල ඉදන්ම ඉගෙන ගත්තනම් හොදයි කියල තමයි මේ Tutorial එක කලේ . ඉස්සරහට මිට වඩා Advanced Tutorials දැන්නම් එතකම් සුබ ගමන්.