User Defined Class

ඔන්න අපි අපිට ඕනේ විදියට class එකක් එහෙම හදාගෙන OOP වලට එන්න හදන්නේ. ඉතින් තියෙන්න පුළුවන් සරලම object එකෙන් තමා අපි පටන් ගන්නේ. ඔව් point එකකින් තමා OOP ඉගෙනගන්න යන්නේ.

එතකොට අපේ class එක වෙන්නේ point. අපි දැන් එක හදාගමු

class point:

class එකක් හදාගත්තා ඊලගට මොකක්ද කරන්නේ?  ඊළගට initializer method එක අපි හදාගන්න ඕනේ. ඇයි අපිට initializer method එකක් ඕනේ? අපි අපේ class එකේ ඕනෑම instance එකක් create කරාම automatically මේ method එක call වෙනවා. එතකොට තමයි programmer ට එයාගේ අලුත් object එකට attributes කැමති විදියට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. මෙතැනදී අපි self parameter එක use කරනවා.

def __init__(self):
        self.x=0
        self.y=0

එතකොට සම්පුර්ණ code එක එන්නේ.

class point:
     def __init__(self):
        self.x=0
        self.y=0

දැන් අපි මේ method එක පොඩ්ඩක් improve කරලා බලමු. දැනට අපේ  constructor එකෙන් කැරෙන්නේ (0,0) දී point එකක් create වීම. නමුත් අපිට ඕනේ තැනක point එකක් හදාගන්න පුළුවන් විදියට improve කරන්න යන්නේ. code එක වෙනස් වෙන්න ඕනේ පහල තියෙන විදියට.

class point:
     def __init__(self,initX,initY):
        self.x=initX

        self.y=initY

අපිට ඕනේ තැනක point එක හදාගන්න ඕනේ උනාම කරන්න ඕනේ මේ Class එක call කිරීම. එතකොට automatically initializer method එක execute වෙනවා.

p=Point(3,5)

දැන් (3,5) coordinates වලදී point එකක් create වෙනවා.