Aloha සහ Slotted Aloha

Aloha සහ Slotted Aloha කියන්නේ MAC Protocol දෙකක්. කියන්නේ Data Link Layer එකේ වැඩකරන Protocol දෙකක්. 1950 ගණන්වල හවායි යුනිවර්සිටි එකෙන් තමයි මේ Protocol එක හදලා තියෙන්නේ. එකයි Aloha කියල නම් කරලා තියෙන්නේ. Aloha කියන්නේ හවායි භාෂාවෙන් Hello කියන එකට.

Aloha /Pure Aloha


Aloha කියන්නේ MAC Protocol එකක් ඉගෙනගන්න ලේසි Protocol එකක්. හිතන්න Host 10ක් එකම media  එක share කරනවා කියලා. කියන්නේ එකම cable එකකින් තමයි මේ host වලින් transfer කරන data යන්නේ. බලමු මේ දහයම data transfer කරන අවස්ථාවක්


මෙතන පෙන්වන විදියට 1.1 කියන frame එක කිසි බාදාවක් නැතුව යනවා. නමුත් Frame 1.2, 2.1, 3.1, 4.1 packet collide වෙනවා. ආයේ Frame 2.2 සහ 4.2 collide වෙනවා Frame 3.2 collide වෙන්නේ නැතුව ගමන් කරනවා.

මේක නවත්තන්න තමයි Aloha algorithm එක හදලා තියෙන්නේ. එක පහතින් දැක්වෙන විදියට තමා වැඩකරන්නේ.


ඔන්න දැන් host එකක් frame එකක් යවන්න හදනවා කියලා හිතන්න. එතකොට අපි counter එකක් පටන් ගන්නවා. ඊට පස්සේ frame එක යවලා 2td වෙලාවක් wait කරනවා acknowledge එනවද කියලා. Td  කියන්නේ  propagation delay එක. කියන්නේ frame එකක් host එකෙන් leave වෙලා destination එකට යන්න යන වෙලාව.   Acknowledge එක එනවනම් අපේ transmission එක successful වෙලා. නැත්තම් ආයේ මේ frame එක යවනවා. මුලින්ම මේ සදහා random number එකක් select කරගන්නවා රූපේ තියන විදියට. ඊටපස්සේ තියන විදියට කාලයක් wait කරලා ආයේ යවනවා. මේ වගේ සාමාන්යෙන් 15 පාරක් වගේ try කරනවා


ඉහලින් තියන රූපේ විදියට A frame එක අව්ලක් නැතුව send වෙන්න නම් 2xTfr කාලයක් කියන්නේ A frame එක send වෙන්න යන වෙලාව ගේ දෙගුණයක් ඇතුලත වෙන frame එකක් send කරන්න බැ. මේ වෙලාවට කියන්නේ vulnerable period එක කියලා. Pure Aloha වලදී vulnerable period එක 2xTfr. උපරිම Throughput එක වෙන්නේ මේකට 18% ,    S=G x e-2G සමීකරණයෙන් දෙන අවස්ථාවක Throughput එක හොයන්න පුළුවන්. මේ Throughput rate එක වැඩිකරගන්න තමයි Slotted Aloha ආවේ

Slotted Aloha

මෙතැනදී අපේ media එක අපි slot කරලා තියෙන්නේ. ඒ කියන්නේ යම් time intervel එකකදී තමා host එකකින් packet එකක් send කරන්න පුළුවන්. time intervel එක පටන් ගන්නකොටම send කරන්න පටන් ගන්න ඕනේ. මැදදී පටන්ගන්න බැ.


Slotted Aloha වලදී Throughput එක 36% කට වැඩි කරගන්නත් vulnerable period එක Tfr අඩු කරගන්නත් පුළුවන් වෙලා තියනවා.