Collection එකක් හදමු

අපි කලින් lesson එකෙන් database එකක් හදන හැටි විදිය වගේම හදපු database එකක් drop කරන විදියත් බැලුවනේ. ඒ database එකට mydata කියල collection එකක් හදලා document එකකුත් insert කළා. අද බලමු තවත් විදියකට කොහොමද collection එකක් හදලා document එකක් add කරන්නේ කොහොමද කියලා.

හරි දැන් එහෙනම් කලින් වගේමේ command prompt එකෙන් mongod.exe run කරන් Studio 3T open කරගන්න.

collection එකක් create කරන්න අපි මෙතැනදී පාවිච්චි කරන්නේ createCollection command එක. මේ command එකේ parameters දෙකක් තියනවා. එයින් එකක් වෙන්නේ නම අනිත් එක options. දැනට අපි නම විතරයි බාවිතා කරන්නේ. Options ගැන පස්සේ බලමු. Command එක එන්නේ මෙහෙමයි.

db.createCollection("myCollection")


අපිට හදපු collection එකක් drop කරන්න ඕනේ නම්. 

db.myCollection.drop()