Document එකක් Update කරමු

අද බලමු අපි add කරපු document එකක් කොහොමද අපි update කරගන්නේ කියලා. මෙතැනදී අපි db.employee.update() command එක බාවිතා කරනවා. දැන් අපේ collection එකේ document එකක් තියනවා මේ විදියට.

    "_id" : ObjectId("58bab5f9c31f85188fa7b7d0"), 
    "employeeNumber" : "E04", 
    "firstName" : "Ashley", 
    "lastName" : "Melbourne", 
    "age" : "26"

අපිට ඕනේ දැන් Aashleyගේ last name එක වෙනස් කරන්න. බලමු අපි එක කරන්නේ කොහොමද කියලා.

db.employee.update(
{"_id" : ObjectId("58bab5f9c31f85188fa7b7d0")},
{$set : {"lastName" : "Francis"}}
)

මෙතැනදී අපි id එකෙන් තමයි අදාල document එක හොයාගන්නේ. ඊට අමතරව $set කියල parameter එකක් use කරනවා update වෙන්න ඕනේ වෙන filed එක දාන්න.


දැන් අපි බලමු update එක සිද්දවෙලාද කියලා.


ඔන්න අපිට ඕනේ විදියට update එක වෙලා තියනවා. අපි කලේ single document update එකක් නේ දැන් multiple documents update කරනහැටි බලමු. මන් කරන්න යන්නේ age එක 25 වෙන හැම document එකේම last name එක Darwin කරන එක.මුලින්ම බලමු age එක 25 වෙන අය කව්ද කියලා.


බලමු දැන් කලින් වගේම update කරන්න

db.employee.update(
{"age" : "25"},
{$set:{"lastName" : "Darwin"}}
)

කෝ පෙන්නන්නේ එක document එකක් විතරක් update උනා කියලනේ? හරියටම බලමු


ඇයි මෙහෙම වෙන්නේ? update() වලින් වෙන්නේ හම්බවෙන මුල්ම document එක විතරක් update කරන එක. ඉතින් අපි මෙතන පොඩි modification එකක් කරන්න ඕනේ .

db.employee.update(
{"age" : "25"},
{$set:{"lastName" : "Darwin"}},
{multi : true}
)


ඔන්න දැන් ඊලග document එකත් update වෙලා. බලමු හරියටම


හ්ම්ම් වැඩේ හරි දැන්. මීට අමතරව save() එකත් අපිට use කරන්න පුළුවන් මුළු document එකක්ම update කරනවා නම්. එකත් කරලා බලමු දැන්.