Environment සකසමු

දැන් අපිට හැම තිස්සෙම mongodb bin folder එකට ගිහින් අවශ්‍ය application run කරන එක ටිකක් කරදර වැඩක් නේ. ඒ නිසා අපි mongodb වලට path එක permanant set කරන්න යන්නේ. මේ සදහා මුලින්ම system එකට යන්න. Mycompurer එකට ගිහින් right click කරලා properties click කරාම මෙතනට යන්න පුළුවන්. නැත්තම් search කරන්න system කියලා.දැන් එතන තියන advanced system settings වලට යන්න.


එතනින් Environment variables වලට යන්න.



එතනින් path click කරන්න එතකොට තව dialogbox එකක් open වෙයි. එතන variable value එක ලගට යන්න. එතන ඇති තව set කරපු paths. ඒවාට මුකුත් කරන්න එපා. ඒවායේ අගට semi colon (;) එකක් දාල අපේ mongodb bin folder එකේ path එක දීල ok කරන්න.




දැන් command prompt එක open කරලා තියන විදියටම mongod.exe type කලාම demon file එක run වෙන්න ඕනේ. 




දැන් අපි visualization tool එකක් install කරමු අපිට monbodb පාවිච්චි කරන්න. ඒක command prompt එක use කරනවට වඩා පහසුයි. අපි මේ සදහා භාවිතා කරන්නේ studio 3T tool එක. එක මෙතනින් download කරන්න පුළුවන්. Download වෙන zip file එක extract කරලා run කරන්න.



මතක තියාගන්න install කරනකොට මේක non-commercial වැඩවලට තමයි කියන option එක select කරන්න.


මේ තමයි Studio 3Tඑකේ default window එක දැන් අපි connection එකක් හදාගන්න ඕනේ. මේ සදහා mongod.exe එක background එකෙන් run වෙන්න ඕනේ command prompt එකෙන්. Connect button එක ලගට ගිහින් click කරන්න.


මේ window එක ආවම new connection click කරන්න.


මේ window එකෙන් අපිට ඕනේ නමක් දෙන්න connection එකට. පහලින් බලන්න පුළුවන් අපේ server එකයි port එකයි. server එක වෙන්නේ localhost, 27017 port එකෙන් තමයි mongodb run වෙන්නේ.දැන් save button එක click කරන්න. 


මෙතනින් අපේ connection එක පෙන්නනවා. connect click කරන්න.වම් පසින් default databases පෙන්නනවා දකින්න පුළුවන්.



දැන් අපි කොහෙද අපේ queries type කරන්නේ. වම් පැත්තේ උඩ තියන Intelishell click කරන්න. shell එකක් open වෙයි.