Database එකක් හැදීම සහ Drop කිරීම

මම ආපහු මතක් කරනවා mongodb කියන්නේ relational DBMS එකක් නෙවෙයි. ඒ නිසා database -> table ->rows structure එකක් නෙවෙයි NoSQL DBMS එකක තියෙන්නේ. NoSQL DBMS එකක් වෙන mongodb එකේ structure එක වෙන්නේ database -> collections ->documents විදියටයි.

දැන් මම test කියලා database එකක් හදන්න යන්නේ. එකට command එක වෙන්නේ "use test". Shell එකේ type කරලා Execute Statement at Cursor click කරන්න.




මොකක්ද දැන් මෙතන වෙලා තියෙන්නේ. "switched to db test" කියලා ඇවිත් තියනවා. මෙතැනදී වෙන්නේ test කියලා database එකක් දැනටත් තියනවා නම් ඒකට switch වෙන එක හෝ ඒ නමින් database එකක් නැත්තම් එක create කරලා ඒකට switch වෙන එක.

*Shell එකේ db command එක දුන්නම දැනට වැඩකරන db එක මොකක්ද කියලා බලන්න පුළුවන්.

දැන් බලමු අපිට තියන databases ඔක්කොම මොනවාද කියලා බලන්න වෙන අවස්ථාවක්. එතකොට show dbs command එක දෙන්න


හ්ම්ම් කෝ අපි හදපු database එක?. අපේ database එකේ කිසිම collection එකක් නැති නිසා තමයි එහෙම පෙන්නන්නේ නැත්තේ. දැන් අපි collection එකක් හදමු අපේ test database එකට.

මේ සදහා command එක වෙන්නේ db.mydata.insert({"name":"Vidura"})

මෙතන mydata කියන්නේ collection එකට මම දුන්න නම. Curly bracket ඇතුලේ තියෙන්නේ key එකයි ඒකට අපි දෙන value එකයි.

Execute කරාම මේ වගේ එකක් එයි


showdbs command එක දීල බලමු


ඔන්න දැන් අපේ db එක පෙන්නනවා.

දැන් බලමු කොහොමද database එකක් drop කරගන්නේ කොහොමද කියලා. db.dropDatabase() command එක දෙන්න


ඔන්න දැන් අපි හදපු database එක drop වෙලා