Document insert කරමු

අපි දැන් දන්නවා කොහොමද NoSQL database එකක් create කරන්නේ කොහොමද ඒ database එකට collection එකක් හදන්නේ කොහොමද කියලා. අද බලමු මේ විදියට හදපු collection එකකට document එකක් add කරන්නේ කොහොමද කියලා. අපි mongodb collection එකකට data insert කරන්න ඕනේ json format එකට. Json දන්නේ නැත්තම් ඒක පොඩ්ඩක් google කරලා බලන්න. ඒ කියන්නේ data තියෙන්න ඕනේ පහත තියෙන format එකට.

{
     "employeeNumber": "E01",
     "firstName": "Vidura",
     "lastName": "Dantanarayana",
     "age":"25"
}

දැන් මේ json format එකේ තියන docuemt එක අපේ employee collection එකට add කරමු.

db.employee.insert(
{
     "employeeNumber": "E01",
     "firstName": "Vidura",
     "lastName": "Dantanarayana",
     "age":"25"
}

)


 මෙතන අපි command එක execute කරනකොට මුළු command එකම highlight කරලා ඉන්න ඕනේ.

Single document එකක් insert කරන්නේ මොහෙමයි. Multiple data insert කරන විදිය දැන් බලමු. Multiple data insert කරනකොට json array එකක් විදියට තමා data දාන්න ඕනේ. Json වලදී array එකක් declare කරන්නේ [] වලින්. Array වල element comma (,) එකකින් තමා වෙන් කරන්නේ.

db.employee.insert(
[ {
     "employeeNumber": "E02",
     "firstName": "John",
     "lastName": "White",
     "age":"29"
   },
{
     "employeeNumber": "E03",
     "firstName": "Nikov",
     "lastName": "Sergey",
     "age":"32"
   },
{
     "employeeNumber": "E04",
     "firstName": "Ashley",
     "lastName": "Melbourne",
     "age":"26"
   }
]

)



ඊලග lesson එකෙන් බලමු කොහොමද මේ data query කරන්නේ කියලා.