Hello World

ඔන්න හැම programming lesson එකකදී වගේ Hello World program එක ලියන්න යන්නේ. අපි ඔක්කොම දන්නවා Java කියන්නේ OO language එකක් කියලා. එනිසා අපි ලියන හැම code එකම class එකක් ඇතුලේ තියෙන්න ඕනේ. class එකක් කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සරහට ඉගෙනගමු. දැනට අපි බලමු කොහොමද Hello World එක console එකේ print කරගන්නේ කොහොමද කියලා.

දැන් notepad එකක් open කරලා මේ code එක ගහන්න

public class hello{
public static void main(String args[]){
    System.out.println("Hello World");
}
}

python වල නිකන්ම print ("Hello World") උනාට java වල එහෙම බෑ. මොකද කලින් කියපු විදියට class එකක් ඇතුලේ තියෙන්න ඕනේ අපේ code එක. python වල print () => System.print.out() බවට java වලදී පත්වෙනවා.

දැන් කොහොමද මේ code එක java file එකක් විදියට save කරන්නේ. Notepad එකේ  Save As  ගිහින් මේ file එකට නමක් දෙන්න. මෙතැනදී අපේ class එකේ නමම තමයි java file එකේ නමත් වෙන්න ඕනේ. Extension එක දෙන්න ඕනේ .java විදියට. උදාහරණයක් ගත්තොත් අපි අපේ file එක save කරන්න ඕනේ hello.java කියලා. 

දැන් අපි අපේ code එක compile කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ source code එක අපේ computer එකට තේරෙන byte code එකක් බවට පත්කරන්න ඕනේ. ඒ සදහා Command Prompt එක open කරගෙන අපේ source code file එක තියන folder එකට එන්න. javac කියන command එක use කරලා තමයි අපි මේ වැඩේ කරගන්න යන්නේ. දැන් command prompt එකේ මේ command එක type කරන්න

javac hello.java


Error එකක් නැතිව code එක compile උනොත් ඊලග line එකට එයි. දැන් අපි byte code එක execute කරමු.

java hello


ඔන්න දැන් code එක execute වෙලා Hello World print වෙලා තියෙනවා.