If Statement

Java Operators ඉගෙනගත්තු අපි දැන් Control Statements ඉගෙනගන්න තමයි හදන්නේ. මුලින්ම අපි බලන්න යන්නේ If Statement එක. If Statement එකක් use කරගෙන වෙනස් වෙනස් statements true වෙනකොට වෙනස් වෙනස් විදියට program එක ක්‍රියාකරන විදියට code කරගන්න පුළුවන් අපිට.

උදාහරණයක් විදියට ගමු අපිට යම් ඉලක්කමක් ඔත්තේ වෙනකොට කිසියම් string එකක් print කරන්නයි ඉරට්ටේ වෙනකොට ඊට වෙනස් string එකකුයි print කරන්නයි අවශ්‍ය වෙන අවස්ථාවක්. ඒ කියන්නේ ඉලක්කම අපි n කියලා කිව්වොත් n%2!=0 නම් සහ n%2==0 අවස්ථා දෙකට අපි එකිනෙකට වෙනස් string දෙකක් print කරන්න ඕනේ.

දැන් අපි මේ සරල program එක code කරමු. මුලින්ම හැමදාම වගේ class එකක් හදලා එකේ main method එක ඇතුලේ තමයි අපි අපේ code එක ලියන්න ඕනේ.

public class IfStatement{
public static void main(String args[]){
int num=5;
if (num%2!=0)
  {
   System.out.println("Odd Number");
  }

else if (num%2==0)
  {
System.out.println("Even Number");
  }
}
}



අපේ program එක දැන් flexibility එක අතින් ගොඩක් ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ. මොකද අපි userගෙන් input එකක් ගන්නේ නෑ. Hard code කරපු value එකක් තමයි අපි අරන් තියෙන්නේ. දැන් අපි අපේ program එක improve කරමු userගෙන් input එකක් ගන්න පුළුවන් විදියට. මේ සදහා අපිට scanner class එක ඕනේ වෙනවා. ඒ නිසා මුලින්ම කරන්න ඕනේ java.util කියන package එක import කරගන්න එක.  

import java.util.*;
public class IfStatement{
public static void main(String args[]){


   }

}

දැන් scanner කියන class එකේ object එකක් අපි හදාගන්නවා.

import java.util.*;
public class IfStatement{
public static void main(String args[]){
System.out.println("Enter a Number");

Scanner sc= new Scanner(System.in);
int num=sc.nextInt();
   }

}

දැන් ඉතුරු code එක කලින් තිබ්බ විදියටමයි. අන්තිම code එක එන්න ඕනේ මෙහෙමයි.

import java.util.*;

public class IfStatement{
public static void main(String args[]){
System.out.println("Enter a Number");
Scanner sc= new Scanner(System.in);

int num=sc.nextInt();
if (num%2!=0)
{
System.out.println("Odd Number");
}

else if (num%2==0)
{
System.out.println("Even Number");
}


}
}
run කරමුකෝ දැන් 

තවදුරටත් මේ program එක improve කරන්න පුළුවන්. එයින් එකක් වෙන්නේ  negative value එකක් enter කරාම string එකක් print කිරීම. ඊට අමතරව  positive හෝ negative හෝ odd හෝ even හෝ නොවන 0 (දැනට එසේ සිතමු) enter කරාම ආයෙම string එකක් print කිරීම. 

public class IfStatement{
public static void main(String args[]){
System.out.println("Enter a Number");
Scanner sc= new Scanner(System.in);

int num=sc.nextInt();
if (num%2!=0)
{
System.out.println("Odd Number");
}

else if (num%2==0)
{
System.out.println("Even Number");
}

else if (num<0)
{
System.out.println("Number is a Negative. Enter a Positive Number");
}

else 
{
System.out.println("Invalid Number");
}

}

}