මොකක්ද MongoDB කියන්නේ?

MongoDB  කියන්නේ NoSQL database එකක්. අපි කලින් ඉගෙනගත්තු MySQL කියන්නේ relational database එකක්. ඒ කියන්නේ database එකේ tables, columns සහ rows තියනවා, මේ tables, columns සහ rows එකිනෙකාට සම්බන්දතාවයකුත් තියෙනවා. නමුත් NoSQL database එකක තියන data වෙනත් data වලට සම්බන්දතාවයක් දක්වන්නේ නැහැ.

Relational databases එක්ක compare කලොත් ඒවායේ tables වෙනුවට MongoDB වල තියෙන්නේ collections. ඒවගේම row සහ column වෙනුවට පිළිවෙලින් තියෙන්නේ document සහ field.

මුලින්ම කරන්න තියෙන්නේ MongoDB  site එකේ download center එකට යන්න. මේ link එකෙන් එතනට යන්න පුළුවන්. ඊටපස්සේ අපිට ඕනේ version එක select කරගන්න ඕනේ.

දැන් පුරුදු විදියටම install කරන්න තියෙන්නේ.


මෙතැනදී Complete click කරන්න


හරි අපි MongoDB install කරගත්තා. දැන්  බලමු කොහෙද  MongoDB තියෙන්නේ කියලා. යන්න ඔයාලගේ C: partition එකට. එකේ තියනවා Program Files Folder එක. අපි හරියට installation එක හරියට කලානම් මේ fonder එක ඇතුලේ MongoDB කියලා Folder එකක් තියෙන්න ඕනේ. ඒ Folder එකේ තියනවා Server Folder එකක් නැවතත් ඒ Folder එක ඇතුලෙත් අපේ MongoDB Version එකේ නමින් Folder එකක් හැදිලා ඇති.ඒ Folder එකත් ඇතුලේ තමයි අපිට ඕනේ Bin Folder එක තියෙන්නේ.


ඉතින් මේ bin folder එක ඇතුලේ executable files කීපයක් තියනවා. නමුත් අපිට වඩාත්ම අවශ්‍ය වෙන්නේ mongo.exe සහ mongod.exe යන files දෙක. මෙතන mangod කියන්නේ mango demon file එක. මේක background එකේ run වෙමින් MongoDB වලට අවශ්‍ය connection එක create කරලා දෙනවා. mongo.exe කියන්නේ command line shell එකක්. ඉතින් අපිට MongoDB එක්ක වැඩකරනකොට මේ files දෙකම වැදගත් වෙනවා.