Query Documents - 1

කලින් lesson එකේදී අපි insert කරපු data දැන් query කරන්නේ කොහොමද කියලා දැන් බලමු. මුලින්ම අපි insert කරපු date retrieve කරන්නේ කොහොමද බලමු. මේ සදහවෙන command එක වෙන්නේ,

db.employee.find()


හ්ම්ම් data ටික නම් retrieve වෙලා තියෙනවා. නමුත් ටිකක් confusing format එකකට තමයි data තියෙන්නේ. අපි මේ data json format ekakata ගන්න pretty() command එක use කරනවා.


දැන් ඔයාලට පේනවා ඇති අපි insert කරපු entry වලට වඩා "_id" කියලා entry එකක් තියනවා කියලා. ඒ කියන්නේ අපිට mongodb මගින් හැම document එකටම unique id එකක් assign කරලා තියනවා. මේක නිකන් functional database එකක primary key එකක් වගේ.

අපිට collection එකක මුල් document එක විතරක් retrieve කරන්න ඕනේ නම් findOne() command එක use කරන්න පුළුවන්.


දැන් බලමු අපිට employee number එක E04 employee කව්ද කියලා බලන්න ඕනේ කියලා. එතකොට අපිට find() එකට අදාළ වෙන විදියට parameters දෙන්න පුලුවන්.

db.employee.findOne(
{
"employeeNumber" : "E04"
}
)


හිතන්න අපිට අපේ employeeලාගෙන් වයස 30ta වඩා වැඩි අය කව්ද කියලා බලන්න ඕනේ කියලා.

db.employee.find(
{
"age" :{$gt:"30"}
}
)

gt- greater than
gte - greater than or equal



30ට අඩු අය 

db.employee.find(
{
"age" :{$lt:"30"}
}
)

lt- lesser than
lte - lesser than or equal