Query Documents - 2

අද lesson එකෙන් අපි ඉගෙනගන්න හදන්නේ query එකක AND සහ OR operators use කරන හැටි. අපි NoSQL වලදී AND එක පෙන්නන්නේ comma  (,) එකකින්. දැන් අපි උදාහරණයක් අරන් බලමු. දැන් මට firstname එක Nikov සහ age එක 32 උන කෙනෙක්ව retrieve කරගන්න ඕනේ කියලා. එකට ඕනේ command එක දැන් ලියමු.

db.employee.find(
  {
   "firstName":"Nikov","age":"32"
  }
)


OR operator එක use කරන විදිය පොඩ්ඩක් වෙනස්. එතැනදී අපි array එකක් declare කරන්න ඕනේ. අපි බලමු firstname එක Nikov හෝ වයස 26ක් වෙන documents ටික retrieve කරන්න.

db.employee.find(
 {
  $or:[{"firstName":"Nikov"},{"age":"26"}]
 }
)


ඊළගට බලමු AND සහ OR operators mix වෙච්ච query එකක් ලියන්න. මට firstname එක Nikov සහ lastname එක white හෝ age එක 26 වන document ටික retrieve කරන්න ඕනේ වෙලා තියනවා කියමු.


මෙතැනදී කිසිම document එකක් retrieve වෙලා නැහැ මොකද මේ conditions true කරන document එකක් අපේ database එකේ නැහැ.