Title එක දැකලා පොඩ්ඩක් confuse උනාද? ඔව් ඔව් Java Programming Language එක ගැන තමයි කියලා තියෙන්නේ :p. Programming වලට ආස අය ගොඩක් නැබුරු වෙන language එකක් තමයි Java. ඒ වගේම industry එකෙත් java කියන්නේ ගොඩක් ජනප්‍රිය language එකක්. අපි දැන් python කරලා programming වල basic ටික cover කරන් ඉන්න නිසා java අල්ලගන්න එක නම් ගොඩක් අමාරු වෙන එකක් නෑ. එහෙම නැතුව programming වලට අලුත්ම කෙනෙක්ට උනත් තේරෙන විදියට මේ series එක කරන්න තමයි බලාපොරත්තු වෙන්නේ.
Java කියන්නේ හැමතැනම තියන දෙයක්. ඔයාට android phone එකක් තියනවානම් එකටත් base එක වෙලා තියෙන්නේ Java. Java අපිට කොතරම් ලං වෙනවද කිව්වොත් අපේ ශීතකරණ රෙදිසෝදන යන්ත්‍රවල පවා java බාවිතා වෙනවා. Java කියන්නේ Object Oriented Language එකක්. OOP concepts අපි theoritically දැනගෙන හිටියට Java වලින් ඒවායේ application එක හරියටම අවබෝධකරගන්න පුළුවන්.
1995දී හදුන්වාදුන්න මේ language එකේ මුල් C language එක වෙත දිවෙනවා. ඒ අනුව ඔබ Java දන්නවානම් ඔබට C වලින්ද කොටසක් නිසේකවම පුළුවන් වෙනවා. James Gosling තමයි java language එකේ designer. මුල් අවදියේ Java language එක හැදින්වුවේ Oak ලෙස. නමුත් පසුව Oak java බවට පත් උනා.
1 comments:
Click here for commentsNice way to go Vidura, Keep it up
ConversionConversion EmoticonEmoticon